01. වැන්දඹු අනත්දරුවිශ්‍රාම වැටුප් යොජනා ක්‍රමයට ඔබ දායක වන්නේකෙසේද?
පහත දක්වා ඇති වාර්තා සමග සම්පූර්ණ කරන ලද පොදු 86 ආකෘතිය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- කලත්‍රයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත(විවාහක නම්)
- ළමුන්ගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් සහ විවාහ සහතිකයේ මුල් පිටපත
02. විශ්‍රාම වැටුප සදහා සුදුසුකම් ලබන්නේකෙසේද?
ස්ථිර විශ්‍රාම වැටුපට හිමිකම් ඇති තනතුරක මාස 120ක අඛණ්ඩ සේවා කාලයක් තිබිය යුතුය.
03. වැන්දඹුඅනත්දරු විශ්‍රාම වැටුප ලබා ගන්නේ කෙසේද?
විශ්‍රාමිකයාගේ වැන්දඹුව / වැන්දඹු පුරුෂයා ,වයස අවුරුදු 26ට අඩු සේවා වියුක්ත අවිවාහක ගැහැණු දරුවන්, වයස අවුරුදු 26ට අඩු සේවා වියුක්ත පිරිමි දරුවන් ට ලබා ගත හැක.
04. මරණපාරිතෝෂිකය සදහා සුදුසුකම් ලබන්නේ කෙසේද?
මාස 60ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ වූ ස්ථිර විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති නිළධාරියකුගේ අභාවයෙන් පසු මරණ පාරිතෝෂිකය ලබා ගැනීමට ඔහුගේ යැපෙන්නකුට සුදුසුකම් ඇත.
05. පරිවර්තිතපාරිතෝෂිකය යනු කුමක්ද?
පරිවර්තිත පාරිතෝෂිකයක් අඩු නොකළ මාසික විශ්‍රාම වැටුප මෙන් 24 ගුණයකට සමාන වේ.
06. අඩු නොකළවිශ්රාම වැටුප යනු කුමක්ද?
විශ්‍රාම පාරිතෝෂකය විශ්‍රාමිකයා විසින් ලබාගත් පසු එය වසර 10ක කාලයකින් සමාන වාරික වලින් අඩුකරනු ලබයි.අඩුනොකල විශ්‍රාම වැටුප වසර 10කින් පසු විශ්‍රාමිකයාට ගෙවනු ලබයි.
07. විශ්‍රාමවැටුප් ප්‍රදානපත්‍රය යනු කුමක්ද?
නිළධාරියකු විශ්‍රාම ගන්නා අවස්ථාවේදී ලබා දෙන ලිපියකි.මෙය සෑම විශ්රාමිකයකුටම නිකුත් කරනු ලබයි














