ආයතන අංශය
තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලගා වන්නේ කෙසේද?
ප්‍රධාන මාර්ග 03 හරහා තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ප්‍රවේශ විය හැකි අතර, නෙළුව නගරයේ සිට කි.මී. 08 ක්, අකුරැස්ස නගරයෙන් කිලෝමීටර් 36 ක් සහ උඩුගම නගරයෙන් කිලෝ මීටර් 19 ක පමණ දුරක් ඇත.
-
ගාල්ල සිට - ගාල්ල නෙළුව ප්රධාන මාර්ගය ඔස්සේ උඩුගම නගරයට ලඟා වන්න. තවලම හන්දිය දක්වා කිලෝ මීටර් 55 ක් ඇති අතර, තවලම හන්දියට මීටර් 600 ට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.
-
අකුරැස්ස සිට අකුරැස්ස දෙණියාය ප්‍රධාන මාර්ගයේ මල්පුදනල්ල හංදිය දක්වා පැමිනෙන්න. අකුරැස්ස - උඩුගම මාර්ගය ඔස්සේ තවලම හන්දිය දක්වා කිලෝ මීටර් 36 ක් පමණ ඇත. තවලම - උඩුගම මාර්ගයේ තවලම හන්දියේ සිට මීටර් 600 ක් පමණ දුරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත.
- නෙළුව සිට තවලම හන්දිය දක්වා නෙළුව උඩුගම මාර්ගය ඔස්සේ තවලම හන්දිය දක්වා කිලෝමීටර 8 ක් පමණ දුරින්. උඩුගම පාර ඔස්සේ තවලම හන්දිය සිට මීටර් 600 ක් දුරින් පිහිටා ඇත.
ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම
- ග්‍රාම නිලධාරී වසම් 36 ක් සහ ඒවායේ අංක පහත පරිදි වේ
>> >> බලා ගැනීම සඳහා මෙත න ක්ලික් කරන්නලා ගැනීම සඳහා මෙත න ක්ලික් කරන්න
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?
- මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.
මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?
- මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
- අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
- වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
- ජාතික හැදුනුම්පත.














