අපගේ දැක්ම

ප්‍රදේශයේ විශිෂ්ඨතම රාජ්‍ය සේවා සපයන ආයතනය බවට පත්වීම.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකුලව පවත්නා කාර්යාලයීය සම්පත් ප්‍රශස්ථ ලෙස භාවිතා කිරීම තුළින් කාර්යක්ෂම හා විනිවිදභාවයකින් යුතුව ප්‍රදේශයේ ජනතා අවශ්‍යතා ඉටු කර දීම.

 භූ ගෝලීය පිහිටීම

තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වයඹ,ගිණිකොණ දිශානුගත විහිදීමක් සහිතව දකුණු පළාතේ ගාල්ල   දිස්ත්‍රික්කයේ උතුරින් පිහිටා ඇත.හිනිදුම පත්තුව දකුණ යනුවෙන් ද මෙම කොට්ඨාශය හදුන්වයි.මෙම කොට්ඨාශය හිනිදුම මැතිවරණ කොට්ඨාශයට අයත් වන අතර, උතුරු අක්ෂාංශ 6ත්  12ත් හා 6.24 අතර සහ නැගෙනහිර දේශාංශ 8ත් 17ත් හා 80ත් 20ත් අතර පිහිටා ඇත.

ඊසාන හා නැගෙනහිර දිශාවෙන් නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත්, ගිණිකොන හා දකුණු දිශාවෙන් මාතර දිස්ත්‍රික්කය සහ නිරිත දිශාවෙන් නාගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටුවා ඇති අතර බටහිර මායිම නියාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශය වේ. මෙම කොට්ඨාශයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 16206 ක් වන අතර එය විශාලතම කොට්ඨාශය වේ. දිස්ත්රික්කයේ මුළු භූමි ප්රමාණයෙන් 11% කි.

තවලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉතිහාසය

1942 දී තවලම සහ බටහේන අතර හිනිදුම්පත්තුව ප්‍රාදේශිය ආදායම් කාර්යාලය ස්ථාපිත කරන ලදී. ප්‍රථම ප්‍රාදේශීය ආදායම නිලධාරි වූයේ එම්.ඒ. ජයනෙත්ති මහතාය ප්‍රථම ප්‍රාදේශීය ආදායම් නිලධාරියා වූයේ එම්. ඒ. ජයනෙත්ති මහතා ය. කාර්ය මණ්ඩලය ලිපිකරුවන් හයක් පමණ වූ අතර ආරම්භක සහකාර රජයේ නියෝජිතයා වූයේ පියදාස ලියනාරච්චි මහතාය.

 මෙම කොට්ඨාශයේ 

1981 දී ග්‍රාම නිලධාරී වසම් 12 කි.

1987 දී ග්‍රාම නිලධාරී වසම් 18 කි.

1990 දී ග්‍රාම නිලධාරී වසම් 36 ක් පමණ ස්ථාපිත විය.

1997 ඔක්තෝබර් 14 වන දින පැරණි ගොඩනැගිල්ල වෙනුවට නව දෙමහල් ගොඩනැගිල්ලක් ප්‍රතිස්ථාපනය කරන ලදි. එවකට ප්‍රාදේශීය ලේකම්වරයා වූයේ එම්.කේ. විජය වික්‍රමරත්න මහතාය.

සේවයේ නිරත වූ ප්‍රාදේශීය ලේකම්වරු

අනු අංකය

නම

තනතුර

1

කේ. එමි. යු. ජයනෙත්ති මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

2

එස්. ඩී. සමරතුංග මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

3

ඒ. ඒ. විතානච්චි මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

4

ජී. එදිරිවීර මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

5

ඩබ්. ඒ. ගුණසේකර මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

6

ඔලිවර් ගුණසේකර මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

7

ඩබ්. වික්‍රමසිංහ මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

8

පී. වීරසේකර මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

9

ධම්මික අමරසිංහ මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

10

එන්. ඒ. ඕබඩගේ මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

11

සී. අබේගුණවර්ධන මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

12

ඩබ්. කේ. විමලසේන මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

13

පී. බී. විජේරත්න ද සිල්වා මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

14

විජයානන්ද එල්ලාවල මයා

ප්‍රාදේශීය ආධායම් නිලධාරී

15

පියදාස ලියනාරච්චි මයා

උප දිසාපති ( හිනිදුම්පත්තුව දකුණ )

16

එච්. එල්. ගුණවර්ධන මයා

උප දිසාපති ( හිනිදුම්පත්තුව දකුණ )

17

ද. වි. කරැණාරත්න මයා

උප දිසාපති ( හිනිදුම්පත්තුව දකුණ )

18

ඒ. වික්‍රමාරච්චි මයා ( වැ. බ.)

උප දිසාපති ( හිනිදුම්පත්තුව දකුණ )

19

පියදාස සමරසිංහ මයා

උප දිසාපති ( හිනිදුම්පත්තුව දකුණ )

20

ඒල්. පී අබ්වික්‍රම මයා

උප දිසාපති ( හිනිදුම්පත්තුව දකුණ )

21

ආර්. ඒ. රණවක මයා

උප දිසාපති ( හිනිදුම්පත්තුව දකුණ )

22

කේ. ඒ. ධර්මපාල මයා

උප දිසාපති ( හිනිදුම්පත්තුව දකුණ )

23

එච්. ඒ. ආරියවංශ මයා

උප දිසාපති ( හිනිදුම්පත්තුව දකුණ )

24

ජේ. වන්නිආරච්චි මයා

උප දිසාපති ( හිනිදුම්පත්තුව දකුණ )

25

සුමතිපාල විජයමුණි මයා

ප්‍රාදේශිය ලේකම් ( තවලම )

26

එච්. ඒ. ආරියවංශ මයා  (වැ. බ. )

ප්‍රාදේශිය ලේකම් ( තවලම )

27

ජේ. ඒ. සරත් රවීන්ද්‍ර මයා

ප්‍රාදේශිය ලේකම් ( තවලම )

28

ආරියරත්න හෙට්ටිආරච්චි මයා

ප්‍රාදේශිය ලේකම් ( තවලම )

29

එස්. එස්. එන්. ද සිල්වා මයා

ප්‍රාදේශිය ලේකම් ( තවලම )

30

ග. හේ. පියදාස මයා  ( වැ. ඩ. )

ප්‍රාදේශිය ලේකම් ( තවලම )

31

එම්. කේ. විජය වික්‍රමරත්න මයා

ප්‍රාදේශිය ලේකම් ( තවලම )

32

සිරිසේන තුඩුවගේ මයා

ප්‍රාදේශිය ලේකම් ( තවලම )

33

පී. එස්. කේ. ආර්. වීරකෝන් මයා

ප්‍රාදේශිය ලේකම් ( තවලම )

34

නිමල් ගුණවර්ධන මයා( වැ. බ. )

ප්‍රාදේශිය ලේකම් ( තවලම )

34

ඩබ්.එස්.සත්‍යානන්ද මයා( වැ. බ. )

ප්‍රාදේශිය ලේකම් ( තවලම )

35 ඩී.ධම්මික එස්.වීරකෝන් ප්‍රාදේශිය ලේකම් ( තවලම ) - වර්තමානයේ


 මෙම ස්ථානයට ප්‍රවේශවීමට

ප්‍රධාන ප්‍රවේශ මාර්ග 03 ක් හරහා ඔබට තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රවේශවිය හැක.

  • ගාල්ල නගරයේ සිට කි. මී. 70 ක් පමණ දුරක් ගාල්ල - උඩුගම - අකුරැස්ස මාර්ගයේ පැමිණි විට තවලම උප නගරයට මී.600 ක් පමණ දුරක් මෙපිටින්ද

 

  • අකුරැස්ස උප නගරයේ සිට කි. මී. 36ක් පමණ දුරක් අකුරැස්ස - උඩුගම මාර්ගයේ පැමිණ තවලම උප නගරයේ සිට උඩුගම මාර්ගයේ මී. 600 ක් පමණ දුරකින්ද

  • නෙළුව උප නගරයේ සිට කි.මී. 8 පමණ දුරක් නෙළුව - තවලම මාර්ගයේ පැමිණ තවලම උප නගරයේ සිට උඩුගම මාර්ගයේ මී. 600 ක් පමණ දුරකින්ද

චන්ද්‍රිකා ඡායාරූපකරණය මගින් කාර්යාලයේ පිහිටීම

 

 

News & Events

Scroll To Top