IAU logo

අභ්‍යන්තර කටයුතු ඒකකය 

අප ගැන

ජනාධිපති ලේකම්වරයා විසින් 2025 පෙබරවාරි 18 දින නිකුත් කරන ලද, අංක PS/SB/Circular/2/2025 දරන චක්‍රලේඛයට අනුකූලව, තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි අභ්‍යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit) විධිමත් ලෙස ස්ථාපිත කර ඇත.

අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ප්‍රධාන අරමුණු


1. ආයතනය තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.

2. ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිධභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.

3. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.

4. විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළිකරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.

5. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.

අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යභාරයන් 

  1. ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් හඳුනාගැනීම සඳහා වත්මන් ක්‍රියාපටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.

  2. දූෂණ අවදානම් ඇගයීම්  සිදු කිරීම මඟින් ආයතනය තුළ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.

  3. ආයතනයේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස්කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

  4. ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගවලට අනුකූල වීම.

  5. 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම.

  6. සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවානියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරණ දූෂන විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.

  7. ආයතනය තුළ දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමණාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනම් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම.

  8. අවශ්‍ය පරිදි, දූෂණ විරෝධී පනත යටතේ විර්මශනය සඳහා අදාළ කරුණු, සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.

  9. ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.

  10. රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාචාරාත්මක පාලන ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.දුෂණ විරෝධී මූලර්ධමවලට කැපවී සිටීමට අභිප්‍රේරණයක් ලෙස කාර්යමණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.

  11. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්නශ කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්‍රියාවලීන් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බවසහතික කරමින්, ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම.

  12. ඒකකයේ රාජකාරි ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මගපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.

  13. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.

  14. පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.

පැමිණිිලි ඉදිරිපත් කිරීම

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්නසුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්නරජයේ නිලධාරියකු අල්ලස් ඉල්ලුවාද?
දූෂණ ක්‍රියාවන් සිදු කරනවාද?
විෂමාචාර ක්‍රියාවන් සිදු කරනවාද?
ඔබගේ පැමිණිලි අපගේ අභ්‍යන්තර කටයුතු ඒකකයට වහාම දැනුම් දෙන්න.

ඔබගේ රහස්‍යභාවය සුරැකීමට අප බැඳී සිටින්නෙමු.

අභ්‍යන්තර තටයුතු ඒකකයේ තනතුර 

ඡායාරූපය

නිලධාරියාගේ නම

තනතුර

අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි

53ff8540 99c1 4382 9a33 7d46a0220482

 ඩබ්.ජී.ජේ. සම්පත් මයා

ගණකාධිකාරී

සුපිළිපන් නිලධාරී

Madam

 ඩී.ඒ.ඩී. මධුභාෂිණී මිය

සහකාර ප්‍රාදේශීය ලේකම්

 සාමාජික

mr. gunathilaka

එල්.සී.කේ. ගුණතිලක මයා

පරිපාලන නිලධාරී 

සහායක කාර්ය මණ්ඩලය

 කේ.ඩී.එම්. සේනානායක මෙය

සංවර්ධන නිලධාරී

එස්.එන්. ජාගොඩ මිය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර

අප අමතන්න

දුරකථන අංකය : 0707646515

Whatsapp අංකය : 0707646515

විද්‍යුත් තැපැල් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ලිපිනය : අභ්‍යන්තර කටයුතු ඒකකය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තවලම

මාර්ගගතව පැමිණිලි ඉදිරිපත් කිරීමේ ද්වාරය

රහස්‍ය පැමිණිලි සහ විමසීම් ඉදිරිපත් කිරීම සඳහා, ඔබේ ජංගම උපාංගය භාවිතයෙන් QR කේතය ස්කෑන් කරන්න, නැතහොත් සෘජුවම අදාළ ද්වාරය (portal) වෙත පිවිසෙන්න.

iau qr XVFQB

යොමුව : 

https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/XVFQB

 

ආචාර ධර්ම පද්ධතිය 

>>භාගත කිරීමට<<

 

News & Events

Scroll To Top