දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් තවලම ප්රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය විසින් සංවිධානය කල “නාද නූපා“ නර්තන ප්‍රසංගය ප්‍රාදේශීය ලේකම් නිලූකා සූරියාරච්චි මැතිණියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී 2023.11.15 වන අද දින පැවැත්විණි.
තවලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලායතන නියෝජනය කරන නර්තන ශිල්පීන් ශිල්පිනියන් ඉදිරිපත් කල උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්තන අංග වලින් මෙම ප්‍රසංගය වර්ණවත් විය.
මෙම ප්‍රාසාංගිත අත්දැකීම විඳගැනීම සඳහා පාසල් දරැ දැරියන්, කලායත සිසු දරු දැරියන් සහ ගුරුවරුන්, සංස්කෘතික බල මණ්ඩලය නියෝජනය කරන මහත්ම මහත්මීන්, දෙමාපියන් සහ කාර්යාලය නිලදාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.









ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2023.10.27 දින තවලම ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.









තවලම ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල ලෝක ළමා දිනයට සමගාමී ළමා පා ගමන හා ළමා ප්රාසාංගික නිර්මාණ ප්රදර්ශනය.















ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මසකට වරක් පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාව මෙවර අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2023.10.03 වන දින පැවැත්විය. මෙම සාකච්ඡාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රිකයට අනුයුක්ත මාණ්ඩලික නිලධාරින් රැසක් සහභාගී විය.

'



























'








2023.09.15 දින පනංගල උතුර, පනංගල බටහිර , පනංගල නැගෙනහිර , එප්පල, කොරලේගම හා ගල්ලන්දල යන වසම් කේන්ද්‍රකොටගෙන ගමින් ගමට ජනතා සේවය නමින් ජංගම සේවා වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක විය.
තවලම ප්රාදේශීය ලේකම් නිලූකා සූරියආරච්චි මැතිතුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ජංගම සේවා වැඩසටහන් මාලාවේ 8 වන වැඩසටහන ලෙස වසම්වල ග්‍රාම නිලදාරී, ආර්ථික සංවර්ධන නිලදාරී, සමෘද්ධි සංවර්ධන නිලදාරී සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ඇතුළු ග්‍රාමීය පුනර්ජීවන කමිටුවේ සාමාජිකයින්ගේ සංවිධානයෙන් පනංගල සණස සමිති ශාලාවේ සාර්ථකව සිදු කරන ලදී.තවලම ප්රාදේශීය ලේකම් නිලූකා සූරියආරච්චි මැතිතුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ජංගම සේවා වැඩසටහන් මාලාවේ 8 වන වැඩසටහන ලෙස වසම්වල ග්‍රාම නිලදාරී, ආර්ථික සංවර්ධන නිලදාරී, සමෘද්ධි සංවර්ධන නිලදාරී සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ඇතුළු ග්‍රාමීය පුනර්ජීවන කමිටුවේ සාමාජිකයින්ගේ සංවිධානයෙන් පනංගල සණස සමිති ශාලාවේ සාර්ථකව සිදු කරන ලදී.
රජයේ ඉඩම් කලමනාකරණය, ජාතික හැදුනුම්පත් සැකසීම, උපත්, මරණ, විවාහ සහතික නිකුත් කිරීම, කල්ගිය උපත් මරණ ලියා පදිංචි කිරීම, කල්ගිය විවාහ ලියාපදිංචි කිරීම, වැඩිහිටි හැදුනුම්පත් සැකසීම, රැකියා මාර්ගෝපදේශන, සමාජ සේවා කටයුතු ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉටුවන සේවා හා බටහිර වෛද්‍ය සායනය - බෝ නොවන රෝග සායනය, දේශීය සෞඛ්‍ය සායනය ද මීට ඇතුලත් විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පනංගල බටහිර පූර්වාරාම විහාරස්ථානයේ හා පනංගල ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිවරුන්ගේ සහයෝගයෙන් හා අනුශාසකත්වයෙන්, හිනිඳුම පොලිස් ස්ථානාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය, වෛද්‍ය තුමා ඇතුළු හිනිඳුම රෝහල් කාර්ය මණ්ඩලය, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම වසම්වල ජනතාව වෙනුවෙන් මහජන සේවාවන් රැසක් මෙදින ඉටු කල හැකි විය. මෙම ජංගම සේවා වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ද ලැබුණි.




































